2010

ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අවදිවන්න!

අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මික ජීවිත ගෙවනවා, තව අයෙක් වාසනාව දොරට තට්ටු කරනකම් බලන් ඉන්නවා...මේ අතර කාලෙන් කාලෙට එක එක විජ්ජුම්බර එනවා මිනිස්සුන්ට වාසනාව කැන්දවයි කියලා කියාගෙන. එහෙම ආපු එකක් තමයි මේ ෆෙන්ග් ෂුයි.

Posted in | 8 comments

අන්‍යාගමීකරණයේ මොළ සේදීම හෙවත් ගුරාගෙන් ගෝලයාට ගෝල පඬුරු

මෙම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා. බොහෝ දෙනෙක් නිර්දේශ කල පරිදි ඔහු ඒ සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ ගුරුවරයෙක් තෝරාගෙන සිටියා. මෙය එක දිගටම මාසයක් එම ගුරුවරයාගේ නිවසේ නැවතී කල යුතු පාඨමාලාවක්. සති අන්තයේ හෝ නිවෙස් වෙත යාමට අවසර නෑ, එමෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීමද සීමා කරලා. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ ධනාත්මක ප්‍රතිචාරය මත සහ මගේ මිතුරාගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට තිබූ බලවත් ආශාව නිසා ඔහු බොහොම කැමැත්තෙන් මෙන පාඨමාලාවට සහභාගී වීමට කැමැත්තෙන් පසුවූවා. 

Posted in | 17 comments

කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?

අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.

මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන කෘතිම බුද්ධිය යෙදෙන වැඩසටහන් විශේෂයක් තිබෙනවා. මේවාට කියන්නේ expert systems කියලා. රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරුන්ට සහායදීම, සංකීර්ණ සැලසුම් සකස් කිරීමේදී ඉංජිනේරුවන්ට සහාය දීම වැනි කටයුතු වලට මෙම expert systems දායක වනවා. නමුත් මෙවැනි පද්ධතියකට තනිවම මෙම කාර්‍යයන් ඉටුක‍රන්න බැහැ, කල හැක්කේ අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ වරුන්ට සහාය දීම පමණයි. කිසිවිටෙකත් මනුශ්‍ය සහභාගීත්වයෙන් තොරව මෙවන් පද්ධතියකට රෝග සඳහා ඖෂධ නියම කිරීමටවත් න්‍යෂ්ඨික බලාගාරයක් සැලසුම් කිරීමටවත් හැකියාවක් නැහැ. අනෙක් අතට මෙවැනි පද්ධතියක් නිර්මාණයට අධික ධනස්කන්ධයක්ද වැයවනවා. සෑම අවස්ථාවකමදීම ඉන් ප්‍රයෝජන ගන්නත් බෑ.

Posted in | 3 comments

ආයුබෝවන් !

බ්ලොග් එක ලියන්න පටන්ගන්නෙ කොහොමද කියන එක තමයි හිතාගන්න අමාරු.මේ බ්ලොග් එක තමයි මම පොදු මාතෘකා යටතේ ලියන මුල්ම බ්ලොග් එක. සාමාන්‍යයෙන් මම කැමති එක් මාතෘකාවක් යටතේ දිගටම බ්ලොග් එක ලියාගෙන යාමටයි.මම ලියන ඒ විදියෙ එක බ්ලොග් එකක් තමයි අපි Java ඉගෙන ගනිමු බ්ලොග් එක.
කොහොම වුනත් මට වෙලාව ඇති ආකාරයට මෙම බ්ලොග් එක ලියන්න මම උත්සාහ කරනවා.
තොරතුරු තාක්ෂණය වැනි විශයක් මත පමණක් පදනම් නොවී විවිධ මාතෘකා ගැන දැණුම බෙදාගැනීමට මෙය යොදාගැනීමටයි මගේ අරමුණ.

No Comments