කුමක්ද මේ අවජාතික වාදින් හා කල්ලතෝනින්ගේ තුඩඟ රැව්දෙන "තලිබාන් බෞද්ධ™"

අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. 
මේ ලිපිය ලිවීමට මුල්වූයේ "මාතලන්™" නමින් හඳුන්වාගන්නා කල්ලතෝනියකු විසින් මහින්දාගමනය හාස්‍යයට ලක්කරමින් කරන ලද බ්ලොග් පෝස්ටුවකි. ඔහුගේ දේශපාලන අදහස් කුමක් වුවත්, බෞද්ධයන් විසින් ඉමහත් ගෞරවයෙන් සලකන ඓතිහාසික අවස්ථාවක් විකෘත්ති කර ඉතාම නින්දිත අයුරින් හාස්‍යයට ලක්කර තිබීම හෙලා දැකිය යුතුය. එයට යමෙක් හුරේ දමන්නේ නම් හෝ එහෙයි කියන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වය පිලිබඳ ගැටලුවකි. එමෙන්ම ඔහුගේ කල්ලතෝනි බැලයන් විසින් ඊට විරුද්ධව අදහස් පලකරන අයට "තලිබාන්™", "තලිබාන් බෞද්ධ™" යනුවෙන් ජප කරමින් කියන්නට උත්සහ කරන්නේ කුමක්ද? "අපි කියන ඒවට කට වහගෙන හිටපියව්. අපිව විවේචනය කරන්නට නොඑව්" වැනි අදහසක් නොවේද?


"තලිබාන් බෞද්ධ™" යනුවෙන් බෞද්ධයන්ට මඩ ගැසීමට මොවුන් කොතරම් උත්සාහ කලත් මේ දෙක කිසිදා සම්පාත නොවේ. තලිබාන් ක්‍රමවේදයන් හට බුදුදහම තුල ඉඩක් නැති බව කුඩාම දරුවකු වුවත් දන්නා කරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. යමෙක් එවන් ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිතීම පවා බෞද්ධ ක්‍රමයට පටහැනිය. එලෙස ක්‍රියාකරන යමෙක් වේ නම් ඔහු බෞද්ධයෙක් නොවේ. ඉදින් මේ නඩය කෙතරම් ජප කලද මේ වචන දෙක අහසට පොලොව ආකාරයේ කිසිඳු ගැලපීමක් නැති සුසංයෝගයක්ම වේ. මෙම සරල සත්‍යය මොවුන්හට නොවැටහෙනුයේ මොවුන්ගේ ඇති වහල් මානසිකත්වය නිසා හෝ බෞද්ධයන් කෙරෙහි ඇති මොවුන්ගේ වෛරී ආකල්පය නිසා විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් ශාන්ත අන්තෝනි තුමන් හෝ කිතුනුවන්ගේ පූජනීය දෑ මොවුන් විවේචනය නොකරන්නේ මෙම කල්ලතෝනින්ගේ අක්මුල් එහි සිට ඇදී එන නිසාද යන්න ප්‍රශ්නාර්ථයකි. මොවුන් නිර් ආගමික බව පෙන්වීමට කොතෙක් උත්සාහ කලද තමන්ගේ අක්මුල් බුදු දහම නොවන අන්‍ය ආගමක සිට එනවා විය හැක. නැතිනම් කුණුබක්කියට විසිවී ඇති මාක්ස් වාදය, ලිබරල් වාදය ආදි සිංහල පොළොවේ පැල නොවන පල්වූ මතවාද කරා මොවුන්ගේ කුණුවූ අක්මුල් ඇදී ගොස් තිබෙනවා වියහැකිය. කෙසේ වුවත් එක දෙයක් පැහැදිලිය මොවුන්ට මෙලෙස නැටීමට ඉඩ ඇත්තේ සයිබර් අවකාශයේ පමණි. සැබෑ ජීවිතයේ මොවුන් මෙම ආකාරයට(මාතලන්ගේ තුට්ටු දෙකක් වත් නොවටිනා ලියමන් මෙන්) තම අදහස් පල කරන්නට ගියහොත් සමාජයේ සමච්චලයට ලක්වීම මෙන්ම නීතියට අනුව දඩුවම් විදීමටද සිදුවිය හැකිය. එබැවින් සැබෑ ජීවිතයේ මේ නිවටුන් තම අදහස් ප්‍රසිද්ධියේ පලකිරීමට නොහැකිව ලතවනවා ඇත, මොවුන්හට සැබැවින්ම අනුකම්පා කල යුතුය.

මෙම කල්ලතෝනින්ගේ අදහසට අනුව බුදු දහම හාස්‍යයට ලක් කරන විට අන් සියල්ලන්ම එහෙයි කියමින් ඊට හිස වැනිය යුතුය. යමෙක් එහි අඩුපාඩු පෙන්වාදේනම් හෝ එයට විරුද්ධ වේ නම් ඔවුන් තලිබාන්™ ය. මොවුන්ට කිව යුතු එක දෙයක් ඇත එනම් බුදු දහම විවේචනය කිරීමට/ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් එය කලයුතු විධිමත් ක්‍රමයක් ඇත. එය කල යුත්තේ කිසිඳු පදනමක් නැති හිතලු මවමින් බජාර් භාෂාවෙන් නොවේ. කොඳු නාරටියක් ඇත්තවුන් මෙන් මහත්මාවරුන් මෙන් අවශ්‍ය නම් එය කල හැකිය.ඊට සුදුසු ක්‍රමයක් ඇත ඊට බුදු දහම තුල ඉඩ ඇත.  ඊට සුදුසු පරිසරයක් නැතැයි ඔවුන් මැසිවිලි නගන්නේ නම් එය ව්‍යාජය එකකි එමෙන්ම එය ඔවුන්ගේ නිවට කම මිස අනෙකක් නොවේ. හංදිගානේ අගුපිල් ගානේ බීගත් නසරාණින් මෙන් බුදු දහම විවේචනය කරන්නට ඒ නම් එයට ඉඩක් නැත.

ශ්‍රී ලංකාව තුල බුදු දහමට මූලිකත්වය දෙමින් එය ආරක්ෂා කිරීමට නීත්‍යානුකූල රජයක් බැඳී ඇති බැවින් හා බුදු දහමට අපහාස කිරීම නීතිය මගින් දඩුවම් ලැබිය හැකි වරදක් බැවින්, කල්ලතෝනින්ට අවශ්‍ය පරිදි තුට්ටු දෙකේ දේශපාලන විවේචනයන්ට හෝ ඔවුන්ගේ බැලයන්ට හාස්‍ය සැපයීමට මිහිඳු මහරහතන් වහන්සේ ආදී බුදු දහමේ පූජනීය චරිත හා ඓතිහාසික සිදුවීම් යොදාගැනීම බුදු දහමට කල අපහාසයක් ලෙස අර්ථ දැක්වීමට හැකි බවද කල්ලතෝනින් සිහි තබාගැනීම වටී.
image credit : dailymail.com

Posted in |

10 Responses to “තොරතුරු යුගයේ දවසක්..”

  • vicharaka says:

    කල්ලතෝනි කියන වචනයේ මම දන්නා තේරුම වන්නේ 'හොර වැසියා' යන්නයි. ඒ කියන්නේ නීත්‍යානුකූල අවසරයකින් තොරව හෝ පුරවැසි භාවය ලැබීමකින් තොරව වෙනත් රටක රැඳී සිටින්නා කියන එකයි. 1960 දශකයේදී දකුණු ඉන්දියාවෙන් අපේ රටට මිනිසුන් හොරෙන් පැමිණ ඇතුළුවී ජීවත් වෙන්නට පටන්ගත්තා. එයට හේතුව වුනේ ඉන්දියාවේ ජීවත්වෙනවාට වඩා ලංකාවේ ජීවන වියදම අඩුවීමයි. ඔවුන් හැඳින්වුණේ 'කල්ලතෝනි' යන නමින්.

    බුදු දහමට අපහාස කරන්නට කරන්නට සිදුවන්නේ බුදුදහමේ යථාර්ථය තවත් තහවුරුවීමයි.

  • @Wicharaka Asami Dakimi Soyami
    ඔබගේ අදහස නිවැරදියි.
    http://www.divaina.com/2013/08/11/feature20.html

    කොහොම වුවත් ගැමි වහරේදී ආගමක්, ජාතියක් ජන්මයක් නැතිවුන් මෙලෙස හැඳින්වීමට මෙම වචනය පැමින ඇත්තේ එලෙස සංක්‍රමනය වූවන් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත නොවන ස්වභාවයෙන් යුක්ත වීම නිසා වන්නට ඇති

  • Unknown says:

    ඔබ ආරක්ෂා කිරීමට තැත් කරන සිංහල බුදුදහමේ නියමුවා කවුද ? ම දන්නා පරිදි ගෞතම බුදුන් විය නොහැක ,සමහර විට නානසර ඔබ අදහන සිංහල බුදුදහමේ නියමුවා වියහැකි අතර ගෝඨාභය මහා උපාසක වේ

  • @Unknown
    ඔබ නොදන්නවා වුනාට මෙතුවක් කල් බුදු දහම ලෝකයේ පවත්වාගෙන ඒමට වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ සිංහල බෞද්ධයන් විසිනි. එහි විශිෂ්ඨ නායකත්වයක් ඇත ඒ ගෞතම බුදුරජාණන් වහන්සේය.

  • Anonymous says:

    ඔන්න ලිව්වා එකෙක් ඔහේ කියන විදිහට මිහිඳු රහතන් වහනේසේ ඉන්දියාවෙන් ඇවිල්ලා අර විශාල උඩ ලෑන්ඩ් කරලා පහල හිටිය තිස්ස රජතුමාට නම කියලා කතාකරනකොට ඇහෙයිද? මොකදා එයා එනකොට ලවුඩ් ස්පිකර් සෙට් එකකුත් අරගෙන ද ආවේ එහෙම නැතිනම් තිස්ස රාජතුමා 18 රියන් උස පොරක් වෙන්න ඕනේ
    එහෙමත් නැතිනම් දෙන්නටම මොබයිල් ෆෝන් තියන්න ඕනේ
    ගල උඩට නැග්ග කෙනාට පේනවා ගල යට ඉන්න කෙනාගේ ප්‍රමාණය

    "කල්ලතෝනි කියන වචනයේ මම දන්නා තේරුම වන්නේ 'හොර වැසියා' යන්නයි." අපි දන්නා දා සිට ඇසුවෙත් ඔය තෙරුමමයි
    නැවත 83 ජුලිය ට පනපොවන්න නේද මේ හොරගල් අහුලන්නේ බයිට් එක මරක්ක ලා කරගෙන
    මෙතැන් බුදු දහම් ගැන අවුලක් නැත ධර්මය දේශනා කරන්න ඉන්න සමහර චිවරයෝ සහ ගෝලයන් හැසිරෙන්නේ තලිබාන් වසලයෝ වගේනේ ඉතින් ඔවුනට තලිබාන් බෞද්ධ යයි කීම වැරදිද?

  • @Anonymous
    බුද්ධ සාසනයේ ඉඳල තියනව සහශ්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න කතා කල හැකි අභිඥා ලාභී මහරහතන් වහන්සේලා. මිහිඳු මහරහතන් වහන්සේ සිව් පිලිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක්. ඉතින් බෞතිකවාදීන්ට මීට වඩා මේ ගැන කරුණූ කියන්න මට අවශ්‍යතාවයක් නැහැ. උඹලගෙ තියන වහල් මානසිකත්වය නිසා ලෑන්ඩ් ෆෝන් එකෙනුයි, මොබයිල් ෆෝන් එකෙනුයි කොම්පියුටර් එකෙනුයි එහාට හිතන්න බෑ. කොඳු කැඩිල තියෙන්නෙ. මතවාදීව කොඳු කඩාගත්තවුන් එක්ක ධර්ම සංවාද මෙතන අවශ්‍ය නැහැ.

    හොරෙන් මෙහෙට ආපු උන්ට කල්ලතෝනි කියල කියනව තමයි. ඒ උන් මේ රටට අයත් නැති නිසා. ජාතියක් ජන්මයක් ඇති අවජාතිකයින්ටත් අපේ ගැමි වහරේ කල්ලතෝනි කියල කියන්නෙ ඔවුන් හා මෙරටට හොරෙන් ආපු අයගේ සමානකම් බහුල නිසා වෙන්නට ඇති.

    /*මෙතැන් බුදු දහම් ගැන අවුලක් නැත ධර්මය දේශනා කරන්න ඉන්න සමහර චිවරයෝ සහ ගෝලයන් හැසිරෙන්නේ තලිබාන් වසලයෝ වගේනේ ඉතින් ඔවුනට තලිබාන් බෞද්ධ යයි කීම වැරදිද?*/
    කෙනෙක් වසලයෙක් වගේ හැසිරෙනවනම් ඔහු වසලයෙක්. එපමනයි. වසලයන්ට තලිබාන් බෞද්ධ යනුවෙන් කීම කොතරම් පටහැනිද? එමෙන්ම එහි කිසිඳු ආකාරයක සම්බන්දතාවයක්ද නැත. වසලයා නම් වසලයා තලිබාන් කාරයා නම් තලිබාන් කාරයා, බෞද්ධයා නම් බෞද්ධයා මේවා කවදාවත් එකට ගැටගහන්න බෑ. එහෙම කරනවානම් ඒ අයට තියෙන්නෙ වෙනත් ප්‍රශ්නයක්.



  • Anonymous says:

    අද ලංකාවේ බුදුදහමේ නාමයෙන් කරන අලුගුත්තේරු වැඩ ඔබට නොපෙනීම පුදුමයකි.මැරයන් ලෙස අතපය විසිකරන බොදුබලසේනාවේ චීවරදාරීන්ගේ හැසිරීම බුදුදහමට ආලෝකයක්ද?.එලෙසම කුඩා අලිපැටවුන් මව්තුරුලෙන් පැහැරගෙන අවුත් අසපු වල සිරිකරගෙන සිටින පවිටු භික්ෂුන් ගැන ඔබේ අදහස කුමක්ද?බුදුදහමේ නාමයෙන් කෙරෙන අවකල් ක්‍රියා අනුමත කිරීම නොව කලයුත්තේ ඒවා විවේචනය කිරීමයි.ලංකාවේ අද පවතින මේ උමතු බොදු කුලප්පුවේ ප්‍රතිඵලය වන්නේ බුදුදහම විනාශ වීමයි.අනිත් අතට මිහිදු මහරහතන් වහන්සේ සහ දෙවනපෑතිස් රජු, අමු කැලයක ගල්පරුවතයකදී මුලින්ම මුණගැසුන බව මා විශ්වාස නොකරමි.නිකමට හිතන්න මිහිදු හිමි එර්දි බලයෙන් වැඩියාම කියමු නමුත් ඒ කණ්ඩායමේම සිටි ගිහියා ගුවනින් ආවේ කෙසේද?රහතන් වහන්සේගේ සිවුරු පොටේ එල්ලුනාද?මේවා මහා වංශයේ වැල් බයිලාය.මිහිඳු හිමි ලංකාවට ගොඩ බසින්නට ඇත්තේ නැවකින් වියයුතුය.සංගමිත්තා රහත් මෙහෙණිය ලංකාවද වැඩියේද එලෙසනේ.සරත් ෆොන්සේකා නමින් හමුදාපති වරයෙකු සිටියේ නැතැයි කියන මහාවංශය ගැන සම්පුර්ණ විශ්වාස කිරීම ගොන්කමකි.

  • @Anonymous
    /*නිකමට හිතන්න මිහිදු හිමි එර්දි බලයෙන් වැඩියාම කියමු නමුත් ඒ කණ්ඩායමේම සිටි ගිහියා ගුවනින් ආවේ කෙසේද?*/
    බුදුරජාණන් වහන්සේ නන්ද හිමියන් දිව්‍යලෝකයට රැගෙන ගියේ සෘද්ධි බලයෙනි. මේ ආකරයේ අවස්ථා මහාවංශයේ පමණක් නොව ත්‍රිපිඨක මූලාශ්‍ර තුලින්ම දැකගත හැක. තමාගේ කුඩා මනසට නොවැටහෙන බොහෝ දෑ ලොව ඇති බව අප කවුරුත් දැන සිටීම වටී. යමෙක් සෘද්ධිපාද වැඩීමෙන් ලබන සෘද්ධිවිධ ඥානය ගැන බෞද්ධයන් ලෙස අප දන්නා නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය අන්දම ගැන අපට කිසිඳු ගැටලුවක් නොවේ. නමුත් බටහිර ගැති වහල් මානසිකත්වක් ඇත්තන්ට නම් මේවන් සිදුවීම් පැහැදිලි කිරීමට ජංගම දුරකතන, නැව් බෝට්ටු අත්‍යාවශ්‍ය වීම පුදුමයට කරුණක් නොවේ.

    බුදු දහම නමින් සිදුකරන අලුගුත්තේරු වැඩ කිසිඳු බෞද්ධයෙකු අනුමත කරන්නේ නැත. මෙහිදී මා විසින් හෙලා දැක ඇත්තේ එම විවේචනන් නොව රහතන් වහන්සේලා අවඥාවට ලක්කිරීම හා ඓතිහාසික කරුණු නිර්ධය ලෙස හාස්‍යයට ලක්කිරීමයි.

  • Anonymous says:

    මචං, උඹ ඒ පෝස්ට් එකේ දැකපු දේ වැරදියි... එතන අවඥාවට ලක් වෙලා තියෙන්නෙ වර්තමානයේ සමහර බෞද්ධ යැයි කියාගන්නා පිරිසකගේ ක්‍රියා කලාපය මිසක් මහින්දාගමනය නෙවෙයි...

    ඔබ නිවැරදියි, ඕනෑම දෙයක් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා... ඒත් දැන් සමහර හාමුදුරුවරුත් පාවිච්චි කරන්නෙ හිංසාව... තනිකරම බුදු දහමට පටහැනි දේවල් තමයි වෙන්නේ...

  • Anonymous says:
    මිහිඳු මහරහතන් වහන්සේට "යකා" යනුවෙන් ආදේශ කර ලිවීමක් පවා එහි තිබෙන බව දැක්කෙ නැද්ද ? මෙහෙමත් තිබුන
    "නිකමට තිස්ස මම වැඩියේ"
    මොනවද මේ? මේව නිවැරදියි කියලද කියන්නෙ?

    බෞද්ධ වේශයෙන් පෙනි ඉඳන් කරන ගොන් වැඩ විවේචනය කලාට කමක් නැහැ. ඒත් මේ ජාතියක් ජන්මයක් නැති උන්ට තියෙන්නෙ වෙන අවශ්‍යතාවයක්. ඒක පේන්නේ නැත්නම් අභාග්‍යය තමයි.

    පාසල් යන වයසෙ ලමයි අරන් හිඟමනේ යෙදීම වරදක් වගේම බුදු දහමේ පූජනීය දේවල් අරගෙන ඒව කුනූ ලිපි ඇතුලට දාල කෙලසන එකත් වරදක්. වරද වරද විදියට දකිමු හොඳ දේ හොඳ දේ ලෙස දකිමු.

Leave a Reply