කුමක්ද මේ අවජාතික වාදින් හා කල්ලතෝනින්ගේ තුඩඟ රැව්දෙන "තලිබාන් බෞද්ධ™"

අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. 
මේ ලිපිය ලිවීමට මුල්වූයේ "මාතලන්™" නමින් හඳුන්වාගන්නා කල්ලතෝනියකු විසින් මහින්දාගමනය හාස්‍යයට ලක්කරමින් කරන ලද බ්ලොග් පෝස්ටුවකි. ඔහුගේ දේශපාලන අදහස් කුමක් වුවත්, බෞද්ධයන් විසින් ඉමහත් ගෞරවයෙන් සලකන ඓතිහාසික අවස්ථාවක් විකෘත්ති කර ඉතාම නින්දිත අයුරින් හාස්‍යයට ලක්කර තිබීම හෙලා දැකිය යුතුය. එයට යමෙක් හුරේ දමන්නේ නම් හෝ එහෙයි කියන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වය පිලිබඳ ගැටලුවකි. එමෙන්ම ඔහුගේ කල්ලතෝනි බැලයන් විසින් ඊට විරුද්ධව අදහස් පලකරන අයට "තලිබාන්™", "තලිබාන් බෞද්ධ™" යනුවෙන් ජප කරමින් කියන්නට උත්සහ කරන්නේ කුමක්ද? "අපි කියන ඒවට කට වහගෙන හිටපියව්. අපිව විවේචනය කරන්නට නොඑව්" වැනි අදහසක් නොවේද?

Posted in | 10 comments

ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක්


නමෝ බුද්ධාය!!!
ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදාල ධර්ම දේශනයට පාදක වූ සූත්‍රගත තොරතුරු සඳහන් කරති. උදාහරණයක් වශයෙන් දීර්ඝ සංසාර ගමන ගැන විග්‍රහ කර එම තොරතුරු අනමතග්ගසංයුත්තයේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව දේශකයාණන් වහන්සේ පවසති. එවිට අනමතග්ග සංයුත්තය ත්‍රිපිඨකයේ කවර ස්ථානයක තිබෙන්නේදැයි නොදන්නා අයට එම සූත්‍ර දේශනාව සොයාගැනීම සඳහා අමතර කාලයක් ගතවේ.
ඊට අමතරව යම් යම් සඳහන් කිරීම් ත්‍රිපිඨකයේ සඳහන් වන්නේ කවර තැන් වලද යන්න සොයාගැනීමටද අපට අවශ්‍යවේ උදාහරණයක් වශයෙන්  මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන තොරතුරු, උන්වහන්සේ සම්බන්ද සූත්‍ර ආදිය සොයාගැනීමට අවශ්ය නම් සූත්‍ර එකින් එක පෙරලා බැලීම අතිශයින්ම කාලය ගතවන කටයුත්තකි. මෙම මෘදුකාංගයයේ මහා මොග්ගල්ලන ස්ථවිර ලෙස සෙවීමක් කල විට මහා මොග්ගල්ලන ස්ථවිර  ලෙස සඳහන් සෑම සූත්‍රයක්ම ප්‍රතිඵල ලෙස ලැබේ. 

එමෙන්ම ආනාපානසති, සතිපට්ඨාන, තේජෝ ධාතුව, ධජග්ග සූත්‍රය, ආශ්‍රව ආදී ඕනෑම ත්‍රිපිඨකය තුල සඳහන් වචනයක් හෝ වාඛ්‍යයක් නිවැරදිව මෙයට ඇතුල් කල විට ඒ සඳහා අදාල ප්‍රතිඵල සියල්ලම ලබාදේ. මෙහිදී උතුම් ත්‍රිපිඨක මූලාශ්‍රය ලෙස ගෙන ඇත්තේ http://metta.lk වෙබ් අඩවියේ ඇති අති පූජණීය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිංහලයට සහ ඉංග්‍රීසියට හරවන ලද ත්‍රිපිඨක වහන්සේයි.

මෙම පරිගණක මෘදුකාංගය පහත වෙබ් අඩවියෙන් නොමිලේ භාගත කරගන්න පුලුවන්.මෙය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ.
Portable, Linux , Windows 7 ,Windows Vista ,Windows XP, Windows 2000 සඳහා වෙන වෙනම භාගත කරගත හැකියි.

මෙය ජාවා පරිගණක භාෂාව යොදාගෙන ලියැවී ඇති වැඩසටහනක් හා Java Desktop API එක භාවිතා කරන නිසා Java Runtime Environment එකේ 1.6.0_22 ට ඉහල version එකක් තිබීම අවශ්‍යවේ. වැඩසටහන ආරම්භ කිරීමට පෙර එය ස්වයංක්‍රීයව පරීක්‍ෂා කර බැලේ. පැරණි JVM හෝ JVM එක නොමැතිනම් අදාල වෙබ් අඩවියට ස්වායංක්‍රීයව සොමු කෙරෙනු ඇති.
මෙම මෘදුකාංගයේ ක්‍රියාකාරී අවස්ථාවක screenshot කිහිපයක් පහත ලින්ක් එකෙන් පිවිසීමෙන් දැකගත හැක.
මෙම වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීම සඳහා සකසන ලද පහත වීඩියෝව මගින් මෙම වැඩසටහන ගැන යම් අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

පහත දැක්වෙන්නේ මේ සඳහා සකසා ඇති උපකාරක ගොණුවයි.

සැයු : ධර්ම කරුණු වාදය පිණිස යොදාගැනීමට කරුණු සෙවීම සඳහා මෙම මෘදුකාංගය යොදානොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මෙමගින් උතුම් ත්‍රිපිඨක ධර්මස්කන්ධයක් පරිහරණය කෙරෙන බැවින් ඉතා ගෞරව සම්ප්‍රයුක්තව පරිහරණය කරන මෙන්ද ඉල්ලා සිටිමි.

Posted in , , , | 6 comments

ධම්ම පාසාදිකය (an offline Tipitaka search program) ලඟදීම...

ධම්ම පාසාදිකය යනු metta.lk හි ඇති සිංහලයට පරිවර්තනය වූ ත්‍රිපිඨක පොත් වහන්සේගේ අන්තර්ගතය තුල සෙවීම් කලහැකි පරිගණක වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වීම සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ. වැඩි විස්තර නුදුරේදීම...
මෙය ගෞතම බුදුරදුන්ගේ ශ්‍රාවක දරුවන් උදෙසාමයි!!!

Posted in , , | 3 comments

සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය

මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 2011 ජනවාරි 30 දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙනි.

සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමට ඇත්තේ තව දින 105 ක්‌ පමණි. ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරෙන්නේ 2011 වසරේදීය. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක්‌ නොව සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක්‌ බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක්‌ වන ලෝක ජනගහනයෙන් කෝටි 110 ක්‌ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක්‌ අදහන්නේ නැති බවයි. වික්‌පීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 376 කි. බුද්ධානෙට්‌ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක්‌ වන බවයි.

Posted in | No Comments

ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අවදිවන්න!

අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මික ජීවිත ගෙවනවා, තව අයෙක් වාසනාව දොරට තට්ටු කරනකම් බලන් ඉන්නවා...මේ අතර කාලෙන් කාලෙට එක එක විජ්ජුම්බර එනවා මිනිස්සුන්ට වාසනාව කැන්දවයි කියලා කියාගෙන. එහෙම ආපු එකක් තමයි මේ ෆෙන්ග් ෂුයි.

Posted in | 8 comments

අන්‍යාගමීකරණයේ මොළ සේදීම හෙවත් ගුරාගෙන් ගෝලයාට ගෝල පඬුරු

මෙම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා. බොහෝ දෙනෙක් නිර්දේශ කල පරිදි ඔහු ඒ සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ ගුරුවරයෙක් තෝරාගෙන සිටියා. මෙය එක දිගටම මාසයක් එම ගුරුවරයාගේ නිවසේ නැවතී කල යුතු පාඨමාලාවක්. සති අන්තයේ හෝ නිවෙස් වෙත යාමට අවසර නෑ, එමෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීමද සීමා කරලා. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ ධනාත්මක ප්‍රතිචාරය මත සහ මගේ මිතුරාගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට තිබූ බලවත් ආශාව නිසා ඔහු බොහොම කැමැත්තෙන් මෙන පාඨමාලාවට සහභාගී වීමට කැමැත්තෙන් පසුවූවා. 

Posted in | 17 comments

කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?

අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.

මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන කෘතිම බුද්ධිය යෙදෙන වැඩසටහන් විශේෂයක් තිබෙනවා. මේවාට කියන්නේ expert systems කියලා. රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරුන්ට සහායදීම, සංකීර්ණ සැලසුම් සකස් කිරීමේදී ඉංජිනේරුවන්ට සහාය දීම වැනි කටයුතු වලට මෙම expert systems දායක වනවා. නමුත් මෙවැනි පද්ධතියකට තනිවම මෙම කාර්‍යයන් ඉටුක‍රන්න බැහැ, කල හැක්කේ අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ වරුන්ට සහාය දීම පමණයි. කිසිවිටෙකත් මනුශ්‍ය සහභාගීත්වයෙන් තොරව මෙවන් පද්ධතියකට රෝග සඳහා ඖෂධ නියම කිරීමටවත් න්‍යෂ්ඨික බලාගාරයක් සැලසුම් කිරීමටවත් හැකියාවක් නැහැ. අනෙක් අතට මෙවැනි පද්ධතියක් නිර්මාණයට අධික ධනස්කන්ධයක්ද වැයවනවා. සෑම අවස්ථාවකමදීම ඉන් ප්‍රයෝජන ගන්නත් බෑ.

Posted in | 3 comments

ආයුබෝවන් !

බ්ලොග් එක ලියන්න පටන්ගන්නෙ කොහොමද කියන එක තමයි හිතාගන්න අමාරු.මේ බ්ලොග් එක තමයි මම පොදු මාතෘකා යටතේ ලියන මුල්ම බ්ලොග් එක. සාමාන්‍යයෙන් මම කැමති එක් මාතෘකාවක් යටතේ දිගටම බ්ලොග් එක ලියාගෙන යාමටයි.මම ලියන ඒ විදියෙ එක බ්ලොග් එකක් තමයි අපි Java ඉගෙන ගනිමු බ්ලොග් එක.
කොහොම වුනත් මට වෙලාව ඇති ආකාරයට මෙම බ්ලොග් එක ලියන්න මම උත්සාහ කරනවා.
තොරතුරු තාක්ෂණය වැනි විශයක් මත පමණක් පදනම් නොවී විවිධ මාතෘකා ගැන දැණුම බෙදාගැනීමට මෙය යොදාගැනීමටයි මගේ අරමුණ.

No Comments