අන්‍යාගමීකරණයේ මොළ සේදීම හෙවත් ගුරාගෙන් ගෝලයාට ගෝල පඬුරු
Posted on Saturday, June 26, 2010 by Kanishka Dilshan

ඔහු මේ සඳහා යාමට පෙර දින රාත්‍රියේ මමද ඔහුගේ නිවසට ගොස් ඔහු හමුවී පාඨමාලාව හොඳින් අවසන් කරන මෙන් පවසා පැමිණියා. මාසයක් පමණ ගෙවී ගියා...
පාඨමාලාව අවසන් කල මගේ මිතුරා මා හමුවීමට අප නිවසට පැමිණියා. ඔහුගේ පාඨමාලාවේ තොරතුරු කතාබස් කරන අතරතුරදී මට ඔහුගේ කිසියම් අමුත්තක් තේරුම් ගොස් තිබුනා කුඩා කල සිටම එකට පාසල් ගිය මගේ මිතුරාගේ මෙම වෙනස තේරුම් ගැනීමට මට අසීරු වූයේ නෑ. එකවරම ඔහු කතා කරමින් සිටි මාතෘකාව වෙනතක හැරවූයේ මාව තුෂ්නිම්භූත කරවමින්.! මෙන්න එකපාරටම ඔහු මගෙන් අහපි "ලෝකයේ තිරිසන් සතෙක් ජාතික කොඩියට ඇතුල් කර ඇති එකම රට මොකක්ද?" කියලා! මෙය ඇසීමෙන් වික්ෂිප්ත වූ මමත් ඇඟට පතට නොදැනී කිව්වා භූතානය කියලා. එවිට මූ ඇහුවෙ නැතෑ තව රටක් කියපන් කියලා ඉතින් මම කිව්වා අපේ රටෙත් සිංහයා ජාතික කොඩියට දාලා තියනවා තමයි ඒත් එයින් ගම්‍ය වන්නේ සිංහලයන්ගේ අභීත බවයි කියලා. එයින් ඉස්මතු වන්නේ තිරිසන් බවක් නොවන බව මම මොහුට කියා සිටියා. ඒත් මොහු එය පිලිගැනීමට කැමතිවූයේ නෑ. ඔහු කීවා ඔහුගේ ඉංග්‍රිසි ගුරු(උතුමා) හොඳ උගතෙකු බවත් ඔහු පොත්පත් ලියා පලකරන බවත් ඔහු මේ ගැන ඔහුගේ පොත්පත් වලත් ලියා තිබෙනවා කියලා. ඊට පස්සෙ මෙම කථාව දිගට ඇදී ගියා. අන්තිමේ ඔහු මගෙන් අහනවා "තිරිසන්" කියන්නෙ මොකක්ද කියලා. මම ඉතින් මම දන්න විදියට කිව්වා ඊට පස්සෙ ඔහු කියනවා තිරිසන් කියන්නෙ තිරස්ව ගමන්කරන, ශරීරය තිරස්ව පිහිටා ඇති කියන එකයි කියලා. ඉතින් මම ඇහුවා ඒක කොහොමද ජාතික කොඩියට සම්බන්ද වෙන්නෙ කියලා. ඉතින් දැන් ඔහු කියනවා කිසිම අපහාසයකට නොවෙයි ඔහුගේ ගුරු(උතුමා) ඒවා ලියන්නේ සහ ශිෂ්යයින්ට කියල දෙන්නෙ කියලා. මෙය ඇසූ පසු මට තේරුනා මොහු ආඳෙකු මෙන් ලිස්සා ගිය බව. ඉතින් මම ඇහුවා ඔය ටික කියන්න මොකටද බන් ඔය මනුස්සයා අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන වැල්වටාරම් ගහන්නෙ කෙලින්ම කියන්න බැරි දෙයක්ද ඕක කියලා! ඒ කතාව එතනින් නැවතුනා.
මම හිතුවා කතාව අවසන් කියලා. මොන! මෙන්න මූ ඊට පස්සෙ මගෙන් අහපි පුලුවන්නම් කියපන් කොහොමද මිහිඳු හාමුදුරුවො ලංකාවට වැඩියෙ කියල. ඉතින් මම කිව්වා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ ඉර්ධි බලයෙන් තවත් ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් සමග ඉන්දියාවෙන් අහසට නැගී ලංකාවට වැඩියා කියල. ඊට පස්සෙ ඔහු දිගින් දිගටම මාත් එක්ක තර්ක කරන්න ආවා කොහොමද ඉර්ධියෙන් එහෙම අහසින් එන්නෙ කියල....ඉර්ධි විශය අච්න්ත්‍ය බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවත් මාත් එක්ක තර්ක කරල ඔයවගේ දේවල් තේරුම් ගන්න බැරි බවත් මම ඔහුට කිව්වා. ඒ සඳහා පැහැදිලි මාවතක් බුදුන් වහන්සේ දේශනා කර ඇති බවත් එම ආකාරයට කටයුතු කරන අයෙකුට එම පරම සත්‍ය අත්දැකිය හැකිබව මම ඔහුට පවසා සිටියා. ඊට පස්සෙ මෙයා කිව්වෙ නැතෑ ඒ දේශනා කරපුවා දැන් නැහැ දැන් ඒවා ඒවා වෙනස් වෙලා කියලා! මම ඇහුවා "උඹ කියන්නෙ ත්‍රිපිටක ධර්මයට උඹ අභියෝග කරනව කියලද?". මේ ගොයියා ඒකට සෘජු පිලිතුරක් නොදී වටින්ගොඩින් නොකියා කියනවා ඔව් මේවා එක එක අය තමන්ට ඕන විදියට වෙනස් කරලා ගුරු(උතුමා) කිව්වෙ එහෙමයි කියලා. මම හිතුනා යසට හිටිය මූ ඉංගිරිසි පන්ති ගොහින් කොරගත්තු වින්නැහියක් කියලා. ඊට පස්සෙ මම පුලුවන් විධියට යාලුවාට පැහැදිලි කර දුන්නා ත්‍රිපිඨක ධර්මය රහතන් වහන්සේලා විසින් මහත් ශ්‍රද්ධාවෙන්,මහත් කැපකිරීමකින් හානියක් නොවී පවත්වාගෙන ආපු උතුම් දෙයක් අදටත් එයට අභියෝග කල හැක්කෙක් නැහැ කියලා. ඔහුට තේරුනා තමාගේ අදහස වැරදියි කියලා. ඊට පස්සෙ දිගින් දිගට ඇදගෙන ආපු වාදය අඩු වුනා. මට තේරුනා මිතුරාගේ මෙම මහා වෙනසට හෙතුව මේ මහා ගුරා විය යුතුයි කියලා ඊට පස්සෙ මම ඔහුගේ ගුරු(උතුමා) ගැන තොරතුරු ටිකක් අහලා බැලුවා.
ඔන්න බළලා ටික ටික මල්ලෙන් එලියට එන්න පටන් ගත්තෙ එතකොටයි. මෙම මහා ගුරුජි කලින් බෞද්ධව(නාමික) සිට කතෝලික ආගම වැළඳගත්තෙක් කියලා එලි වුනේ එවිටයි. ඉතින් මම ඇහුවා මොකද ඔය උන්නැහේ කතෝලික වීමට හේතුව කියල. එවිට මගේ මිතුරා කිව්වෙ නැතෑ පන්සලේ හාමුදුරුවෝ එක්ක මේ මහා ගුරුජි අමනාප වෙලා එනිසා මුලු පවුල පිටින්ම කතෝලික ආගම වැළඳගත්තා කියලා. තොත්ත බබාලා ටික, තොටිල්ලක දාල නලවන්න එපැයි. පන්සලේ හාමුදුරුවො එක්ක තරහට කතෝලික වෙල! අනෙ මගේ කට. මම ඇහුව අපේ ගොයියගෙන් "ඉතින් උඹ කියන්නෙ ඒක හරි දෙයක්ද?" කියල. සද්ද නෑ!. කතෝලික ආගම වැලඳ ගන්නෙ නිකම් නෙවෙයි නේ. දන්නවා නේ කරන්න ඕන වත් පිලිවෙත් ටික. ගෙදර තිබෙන බුදුපිළිම වහන්සේට කරන්න ඕන දේ එහෙම දන්නවා ඇතිනේ. මම ඉතින් අපේ ගොයියට කියල දුන්න උඹ ඔච්චර මෝඩද ඔය මනුස්සයා හොඳ ගානකට යටවෙලා තමයි ඕක කලේ නැතුව වෙන ප්‍රශ්නයකට නෙවෙයි. ඒ මදිවට ඔල මොට්ටල පොතුත් ලියලා පන්තියේ සිසුන්ට නිකම් බෙදලා දෙනව! අපේ ගොයියටත් පොත් වගයක් දීල උස්සන් ඇවිත් තිබුනා.
කොහොමින් කොහොම හරි අපේ ගොයියත් යථා තත්වයට පත්වුනා දැන් දෙයියනේ කියල කලින් තිබුන පුස් අදහස් ටික අතහැරලා කලින් හිටපු විධියටම ඉන්නවා. පොත්ටිකත් ආගිය අතක් නෑ. මදෑ මාසයක් එකදිගට ඉංගිරිස් ඉගෙනගන්න ගොහින් වෙන්න ගිය නස්පැත්තියක්! ඒත් ඒ පන්තියේ හිටපු අනිත් කොල්ලො කෙල්ලො ටිකට මොනවා වෙලා ඇත්ද ඇතැම්විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් තාමත් මොළ සේදීමට භාජනය වූ අය ලෙසටම ඉන්නවා ඇති. මම ඉහත සඳහන් කලේ මොළ සේදීමේ ව්‍යාපෘතියේ බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. මෙය කියවන බොහෝ දෙනෙක් හිතනවා වෙන්නෙ පුලුවන් මෙවැනී දේවල් වලට අහුවීමට ගිය මගේ මිතුරා බුද්ධි හීනයෙක් කියල. ඒක වැරදියි. ඔහු උසස්පෙල විද්‍යා අංශයෙන් සමත්ව පරිගණක අංශයෙන් උසස් අධ්‍යාපනය ලබනවා.මෙහිදී සිදුව ඇත්තේ උක්ත ගුරුජී මොළ සේදීමේ ක්‍රියාවලියට ඉතා සුදුසු පරිසරයක් සකසා තමාගේ ක්‍රියාවේ මනාව යෙදීමකි.මේ එක් කුඩා උදාහරණයක් පමණි ශ්‍රී ලංකාව තුල මේ වන විටත් මෙවැනි දෑ සිදුවෙමින් පවතී. විශාල මුදලක් (මට මතක හැටියට රු25000 ක් පමණ) අය කර පාඨමාලා කරන මුවාවෙන් මෙවන් මොළ සේදීම් වලට ලක් විය යුතුද? . තීරණය ඒවාට සහභාගී වන අයට බාරයි.
Posted in සමාජීය |
17 Responses to “තොරතුරු යුගයේ දවසක්..”
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...
හැකි නම්, ඕක සිදුවෙන තැන ගැන පොඩි විස්තරයක් ලියල දාන්න. අනිත් දවසෙ ගිහින් එතන ෆ්ලැට් කරල දාන්න එහෙම නෙවෙයි. දන්න කියන කෙනෙක් එතැනට යන එක වළක්වන්න.
බොහොම ස්තූතියි මේක මෙතන ලිව්වට
සිරවටම මේ තක හොහෙඩ කියල කියන්න පුලුවන්ද... නුවර පැත්තෙත් එකක් තියන්ව..එකද දන්නෙ නැහැනේ ..අපෙ උන් අපි බෙරගමු......
@sameerausa and ඉලංදාරියා
/*ඇල්පිටිය ප්‍රදේශයේ*/
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ තමයි මේක තියෙන්නෙ.
අන්‍යාගමීකරණය එක එක මුහුණුවරින් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. තම තම නැණ පමණින් කටයුතු කරන්න හැමෝම උත්සහා ගන්න ඕනේ.......
@හසිත
ඇත්ත කතාව මෙතනදී තමන්ට පිහිට වෙන්නෙ තමන්ගෙ නැණ මට්ටම තමයි.
ඒත් එහෙම කියල නිහඬව ඉඳලත් බෑ. මේ රටේ හොඳ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න පුලුවන්නම් මිනිස්සු අන්දන එක මේ පුබ්බරුවන්ට ලේසි වෙන්නෙ නෑ.ඒත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරන්න හදන කොට අපේ සම-හරක් කාලකණ්නි ඒ අයට මඩ ගහලා බිමට ඇදලා දාන්න බලනවා. මම කියන්නෙ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකිරීමට යයි දේශපාලනයට ගිය අය ගැන නොවෙයි. මේක රටේ මිනිස්සුන්ටම කරන්න පුලුවන් හොඳ සැලැස්මක් තියනවා නම්.
මාසෙකට පස්සේ හමුවුන යාළුව එක්ක කතා කලේ සිංහලෙන්ද? ඉංගිරිසියෙන්ද?
මේ වැඩපිලිවෙලේ මුලින්ම වෙන්න ඕනේ බෞද්ධයන්ට බුදු දහම ගැන නිවැරදි වැටහීමක් ලබාදෙන එක.
බුදු දහම ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න අයගේ ඔළුවලට ඕන දෙයක් ඔබන එක හරිම ලේසි වැඩක්.
@කතන්දරකාරයා
මුලින් ඉතින් කොහොමද මචන් කියල පටන්ගත්තට පසුව ඉංග්‍රිසියෙන් තමයි කතාකලේ. එයාලට උපදෙස් දී තිබුනෙ එහෙමයි. ඒකෙනම් ඉතින් වැරැද්දක් නැහැ නෙ.
/*එකවරම ඔහු කතා කරමින් සිටි මාතෘකාව වෙනතක හැරවූයේ මාව තුෂ්නිම්භූත කරවමින්.*/
මෙහිදී මාතෘකාව පමණක් නොවෙයි භාෂාවද වෙනස් වුනා.(භාෂාව සිංහලයට හැරුණ)
@හසිත
අනිවාර්‍යයෙන්ම ඒක තමයි මුලින්ම වෙන්න ඕන.
great work, keep it up brother, but be care full, Theruwan Saranai..!
Ok Tharu thank you for your admiration.
තෙරුවන් සරණයි!!!
බොහොම හොඩ වඩක් ඩිගටම කරගන යන්න
පුත
මේක හරි කෙලියක්නේ යකෝ, බුද්ධාගමේ අපි අත පය අකුලගෙන ඉන්නකොට අනිත් උන් හිතන් ඉන්නේ අපි පොන්නයෝ කියලද?
මා මෙම පුද්ගලයා පිලිබද දන්නේ බොහෝ කලක සිටය මොහු සිය පාඨ්මාලාවේදී වාක්ය සදහා ලබා දෙන්නේද "පන්සලට ගල් ගසමු" වැනි ඒවාය මොහුගේ නම බුදධදාස හේවගේ ය ලිපිනය රාජගිරි මාවත,බොරලුහේන,පිටිගල ය www.languagelearningasia.com යනු මොහුගේ වෙබ් අඩවියයි මොහු ගේ පාඨමාලා ගාස්තුව 30500ක
මම හිතන්නේ ඉහත ලිපියෙන් කතෝලිකයන් ගැන වැරදී මතයක් ඇතිවෙනවා.ගොඩක් බොදුන් හිතාගෙන ඉන්නේ ඔය වගේ කරන අය කතෝලික කියල. නමුත් ඒක වැරදී. ඒ අය කතෝලික නෙවේ. එයාල වෙන වෙන නම් දාගත්තු ආගම්(උදා- ජෙහොවාගේ සාක්ෂිකාරයෝ). එයාලත් ජේසුස් වහන්සේ අදහුවාට, එයාලගේ අරමුණු කතෝලිකයටන්ට වැඩියේ වෙනස්. ගොඩක් බොදුන් දන්නේ නැහැ කතෝලිකයන්ගෙයි මෙයලගෙයි වෙනස. ඒ නිසා ඔවුන් හිතන්නේ ඒ හැමෝම කතෝලික කියල.
ඒක ඇත්ත හැම කතෝලිකයෙක්ම එහෙම අන්තවාදී නැහැ. පාසල් යන දවස්වල මම කතෝලික මිතුරන් ඇසුරු කරලා තියනවා ඒ අයගෙ එවැනි අන්තවාදී අදහස් නෑ. ඒත් මම සඳහන් කල ආකාරයේ ආගම් මාරු කරවීමට යහමින් වියදම් කරන NGO නඩ , පියතුමන් සහ පල්ලි ගැනත් මම ඕනෑ තරම් අසා තිබෙනවා.
සුනාමි කාලෙදී බොහොම දුප්පත් පවුල් කිහිපයක් තුට්ටු දෙකේ ආධාර වලට ආගම මාරු කරවූ සිද්ධියක් මම පෞද්ගලිකවම දන්නවා.
ඇත්තටම ඹවනම් හෙන ගහන වැඩ. මුන්ට අදහන ආගමක් අදහගෙන පාඩුවේ ඉන්න බැරි හැටි. නියමම තිරිසන්නු කරන්නේ ඹය වැඩ තමා..