ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අවදිවන්න!
Posted on Saturday, July 10, 2010 by Kanishka Dilshan

මෙහිදී වාසනාව උදා කරගන්න යයි කියල මිනිස්සුන්ගෙ ඔලුවට මිත්‍යා ගොඩක් ඇතුලු කිරීමක් විනා මෙහි අන් යමක් නෑ! මෙහි මම දැකපු සැලකිය යුතුම හානිය තමයි laughing buddha කියන සංකල්පය. ලංකාවේ සමහරක් අය හිතන්නෙ මෙය ගෞතම බුදුන්වහන්සේ කියලයි!!! ඉතින් අන්‍යාගමිකයන් සහ වෙනත් රටවල් වල අය ගැන අහන්න දෙයක් නෑ නෙ! ඒත් මෙම කියන වාමන රූපය "බුදායි" නම් මිත්‍යා දෘෂ්ඨික දේව සංකල්පයක් විනා අන් යමක් නම් නොවෙයි. ලංකාවේ දැන් දැන් මෙය laughing god කියලත් හඳුන්වනවා.
මේ ගැන ඉතාම වටිනා විග්‍රහයක් කරන වීඩියෝ එකක් මට YouTube එකෙන් හමුවුනා. එය එහි පලකළ rpsuriyage සොහොයුරාට මාගේ ස්තුතිය!
කොහොම උනත් මේ වගේ මිත්‍යාදෘෂ්ඨික වැඩ වලින් මිනිස්සු අඳුරින් අඳුරට යනවා මිසක් සෞභාග්‍ය උදාවෙනවා කියන එක හිතන්නවත් එපා. ඔබ බෞද්ධයෙක් නම් මෙවන් මිත්‍යා පසු පස නොයා යුතු මෙන්ම අන් අය එයට පෙළඹීමද නොකල යුත්තකි. මුදල් නාස්ති කරමින් ඒවා කරන අයද එයින් මුදවා නිවැරදි ජීවිත දර්ශනයක් ලබාදිය හැකිනම් මහඟු පිනකි.
ඔය කියන කිසිම ගුප්ත විජ්ජා ක්‍රමයක් අනුගමනය නොකර නියමාකාරයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට කරුණු අපගේ අමා මෑණී වූ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල මහා මංගල සූත්‍රය තුලින් ඉගෙනගත හැක. එම උතුම් සූත්රදේශනාවේ අඩංගු කරුණු පහත පරිදිය,
- බාලයන්(නරක අය/අසත්පුරුෂයන්) ඇසුරු නොකිරීම
- පණ්ඩිතයන්(කළණ මිතුරන්/සත්පුරුෂයන්) ඇසුරු කිරීම
- පිදිය යුත්තන් පිදීම
- යහපත්/සුදුසු තැනක විසීම
- පෙර කල පින් තිබීම
- සිත මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම
- බොහෝ දැන උගත් අයෙකු වීම
- නොයෙකුත් ශිල්ප දත් අයෙකු වීම
- විනයකින් යුතුවීම (තිදොර සංවර කරගැනීම)
- මනාව හික්මුන අයෙකු වීම
- ප්‍රිය වචන කථා කිරීම
- මවුපිය උපස්ථානය
- අඹුදරුවන්ට සැලකීම
- මැනවින් වැඩ කිරීම(නිරවුල් කර්මාන්තයක යෙදීම)
- දානමාන දීම
- ධර්මයේ හැසිරීම (දැහැමි ජීවිතයක් ගෙවීම්)
- නෑයන්ට සැලකීම
- නිවැරදී දෑ කිරීම(නිවැරදි කර්ම වල යෙදීම)
- පවෙහි නොඇලී වාසය කිරීම හා හැම පවින් වැළකීම
- මත් පැන් භාවිත නොකිරීම
- දහම තුල නොපමාවීම
- උතුමන්ට ගරු කිරීම
- නිහතමානී වීම
- ලද දෙයින් සතුටු වීම
- කලගුණ සැලකීම
- නිසි කලට බණ ඇසීම
- ඉවසීමේ ගුණයෙන් යුක්ත වීම
- යහපත් දෑට අවනත බව
- ශ්‍රමණ උතුමන් බැහැදැකුම
- නිසිකල ධර්ම සාකච්ඡා කිරීම
- තපසෙහි විසීම
- බඹසරෙහි හැසිරීම
- ආර්ය සත්‍යයන් නුවණින් දැකීම
- උතුම්වූ නිවන අවබෝධ වීම
- අටලෝ දහමින් කම්පා නොවීම
- ශෝක නැති වීම
- කෙලෙස් දුහුවිලි නැති වීම
- බිය රහිත ස්වභාවය තුල වාසය කිරීම
මේ ආකාරයට කටයුතු කරන අයට එම ප්‍රායෝගික සත්‍ය අත්දකින්න පුලුවන්. එම සූත්‍රදේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ එම අයුරින් කටයුතු කරන අය කෙලෙසුන්ට නොපැරද(අපරාජිතව) යහපත කරා යන බවයි. මීට අමතරව වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර මගින්ද ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝදෑ ඉගෙනගන්න පුලුවන්.
ඉතින් තවත් දෙයක් මංගල කරුණක් ලෙස ඇතුලු කිරීම හෝ ඉහත කරුණු අතුරින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාල දෙයක් මංගල කරුණක් නොවේ යයි සාධාරණ හේතු සහිතව කිව හැක්කෙක් දෙවියන්, මරුන් , බ්‍රහ්මයන් හා මිනිස් ප්‍රජාවෙන් යුතු ලොකයේ නැහැ එයයි බුදුරජාණන් වහන්සේ වදාල ස්වාක්ඛාත ධර්මයේ ස්වභාවය. මෙතරම් පැහැදිලි හා සාර්ථක වැඩ පිලිවෙලක් තිබියදී වෙනත් මිත්‍යා පසු පස යනවා යනු සූර්යයා තිබියදී කඳෝපැණියන්ගෙන් ආලෝකය සෙවීමක් නොවන්නේද???
Posted in සමාජීය |
8 Responses to “තොරතුරු යුගයේ දවසක්..”
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...
වැදගත් ලිපියක්.... වගේ ඉතම හරවත් ලිපියක් .....ලන්ක්කවේ හැමොම කියවන්වානම් හොදයි....මේ ලිපිය...
අප්පච්ච්යේ... වැඩිය ගැඹුරු ධර්ම කොටස් වලට නොගොහින්ම මමත් ඔය කාරනා 38 කොලේක ලියාගෙන පුලු පුලුහන් එව්වා පිලිපැදීමෙන් බොහෝ සැපතක් සතුටක් ලැබුවා, ලබනවා... නැවත මතක් කලාට ඔබට බොහොම පින්...
සහතික ඇත්ත. ඒත් අපේ කට්ටියට ඕනෙ ෂෝට් කට්නෙ.
මගෙත් යාලුවෙක් ඉන්නවා....ෂෙහුයි නං ඕන දෙයක්...
"Laughing Buddha" කියලා නම යෙදීම නම් හරිම වැරදියි. මමත් කාලයක් මේක ගැන හෙවිල්ලෙන් හිටියා. මේවගේ මිත්යාදුශ්ඨිකයො අද සමාජයේ ඕනා තරම්.
හරවත් ලිපියක්
ස්වර්ණවාහිනියයි ඉර හද පත්තරෙ ලොක්කයි එකතු වෙලා මෙක promote කරා එකෙදි මෙ පිලිමෙ මිලදී ගන්න කියලත් කිව්වා.
Hello Sri lanka වැඩසටහනෙදී අර උදේට යන්නෙ.
මුන් අම්මා තාත්තත් විකුනයි ෆෙන්ග් ෂුයි කිව්වොත්
ඒ program එක තමත් යනවා හෑම සතියෙ දවසකට එක සරයක් තව එක එක ඒවා විකුනනවා
http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html
මේ ලිපියත් කියවන්න...හැමෝටම දැනගන්න share කරන්න