June 2011
ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක්
Posted on Saturday, June 4, 2011 by Kanishka Dilshan
නමෝ බුද්ධාය!!!
ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදාල ධර්ම දේශනයට පාදක වූ සූත්රගත තොරතුරු සඳහන් කරති. උදාහරණයක් වශයෙන් දීර්ඝ සංසාර ගමන ගැන විග්රහ කර එම තොරතුරු අනමතග්ගසංයුත්තයේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව දේශකයාණන් වහන්සේ පවසති. එවිට අනමතග්ග සංයුත්තය ත්‍රිපිඨකයේ කවර ස්ථානයක තිබෙන්නේදැයි නොදන්නා අයට එම සූත්‍ර දේශනාව සොයාගැනීම සඳහා අමතර කාලයක් ගතවේ.ඊට අමතරව යම් යම් සඳහන් කිරීම් ත්‍රිපිඨකයේ සඳහන් වන්නේ කවර තැන් වලද යන්න සොයාගැනීමටද අපට අවශ්‍යවේ උදාහරණයක් වශයෙන් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන තොරතුරු, උන්වහන්සේ සම්බන්ද සූත්‍ර ආදිය සොයාගැනීමට අවශ්‍ය නම් සූත්‍ර එකින් එක පෙරලා බැලීම අතිශයින්ම කාලය ගතවන කටයුත්තකි. මෙම මෘදුකාංගයයේ මහා මොග්ගල්ලන ස්ථවිර ලෙස සෙවීමක් කල විට මහා මොග්ගල්ලන ස්ථවිර ලෙස සඳහන් සෑම සූත්‍රයක්ම ප්‍රතිඵල ලෙස ලැබේ.
එමෙන්ම ආනාපානසති, සතිපට්ඨාන, තේජෝ ධාතුව, ධජග්ග සූත්‍රය, ආශ්‍රව ආදී ඕනෑම ත්‍රිපිඨකය තුල සඳහන් වචනයක් හෝ වාඛ්‍යයක් නිවැරදිව මෙයට ඇතුල් කල විට ඒ සඳහා අදාල ප්‍රතිඵල සියල්ලම ලබාදේ. මෙහිදී උතුම් ත්‍රිපිඨක මූලාශ්‍රය ලෙස ගෙන ඇත්තේ http://metta.lk වෙබ් අඩවියේ ඇති අති පූජණීය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිංහලයට සහ ඉංග්‍රීසියට හරවන ලද ත්‍රිපිඨක වහන්සේයි.
එමෙන්ම ආනාපානසති, සතිපට්ඨාන, තේජෝ ධාතුව, ධජග්ග සූත්‍රය, ආශ්‍රව ආදී ඕනෑම ත්‍රිපිඨකය තුල සඳහන් වචනයක් හෝ වාඛ්‍යයක් නිවැරදිව මෙයට ඇතුල් කල විට ඒ සඳහා අදාල ප්‍රතිඵල සියල්ලම ලබාදේ. මෙහිදී උතුම් ත්‍රිපිඨක මූලාශ්‍රය ලෙස ගෙන ඇත්තේ http://metta.lk වෙබ් අඩවියේ ඇති අති පූජණීය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිංහලයට සහ ඉංග්‍රීසියට හරවන ලද ත්‍රිපිඨක වහන්සේයි.
මෙම පරිගණක මෘදුකාංගය පහත වෙබ් අඩවියෙන් නොමිලේ භාගත කරගන්න පුලුවන්.මෙය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ.
Portable, Linux , Windows 7 ,Windows Vista ,Windows XP, Windows 2000 සඳහා වෙන වෙනම භාගත කරගත හැකියි.
මෙය ජාවා පරිගණක භාෂාව යොදාගෙන ලියැවී ඇති වැඩසටහනක් හා Java Desktop API එක භාවිතා කරන නිසා Java Runtime Environment එකේ 1.6.0_22 ට ඉහල version එකක් තිබීම අවශ්‍යවේ. වැඩසටහන ආරම්භ කිරීමට පෙර එය ස්වයංක්‍රීයව පරීක්ෂා කර බැලේ. පැරණි JVM හෝ JVM එක නොමැතිනම් අදාල වෙබ් අඩවියට ස්වායංක්රීයව සොමු කෙරෙනු ඇති.
මෙම මෘදුකාංගයේ ක්‍රියාකාරී අවස්ථාවක screenshot කිහිපයක් පහත ලින්ක් එකෙන් පිවිසීමෙන් දැකගත හැක.
මෙම වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීම සඳහා සකසන ලද පහත වීඩියෝව මගින් මෙම වැඩසටහන ගැන යම් අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.පහත දැක්වෙන්නේ මේ සඳහා සකසා ඇති උපකාරක ගොණුවයි.
සැයු : ධර්ම කරුණු වාදය පිණිස යොදාගැනීමට කරුණු සෙවීම සඳහා මෙම මෘදුකාංගය යොදානොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මෙමගින් උතුම් ත්‍රිපිඨක ධර්මස්කන්ධයක් පරිහරණය කෙරෙන බැවින් ඉතා ගෞරව සම්ප්රයුක්තව පරිහරණය කරන මෙන්ද ඉල්ලා සිටිමි.
Posted in තොරතුරු තාක්ෂණික, පරිගණක වැඩසටහන්, ව්‍යාපෘති, ශ්‍රී සද්ධර්මය | 6 comments
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...