කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?

අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.

මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන කෘතිම බුද්ධිය යෙදෙන වැඩසටහන් විශේෂයක් තිබෙනවා. මේවාට කියන්නේ expert systems කියලා. රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරුන්ට සහායදීම, සංකීර්ණ සැලසුම් සකස් කිරීමේදී ඉංජිනේරුවන්ට සහාය දීම වැනි කටයුතු වලට මෙම expert systems දායක වනවා. නමුත් මෙවැනි පද්ධතියකට තනිවම මෙම කාර්‍යයන් ඉටුක‍රන්න බැහැ, කල හැක්කේ අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ වරුන්ට සහාය දීම පමණයි. කිසිවිටෙකත් මනුශ්‍ය සහභාගීත්වයෙන් තොරව මෙවන් පද්ධතියකට රෝග සඳහා ඖෂධ නියම කිරීමටවත් න්‍යෂ්ඨික බලාගාරයක් සැලසුම් කිරීමටවත් හැකියාවක් නැහැ. අනෙක් අතට මෙවැනි පද්ධතියක් නිර්මාණයට අධික ධනස්කන්ධයක්ද වැයවනවා. සෑම අවස්ථාවකමදීම ඉන් ප්‍රයෝජන ගන්නත් බෑ.


සාමාන්‍යයෙන් ඉහල මට්ටමේ කෘතීම බුද්ධින් ලිවීමට භාවිතාක‍රන ප‍රිගණක භාෂාදෙකක් තමයි Prolog හා LISP. ඉහල මට්ටමේ කෘතීම බුද්ධි වැඩසටහන් හොඳින් ධාවනය වීමට පද්ධතියේ ඉහල හැකියාවන් තිබිය යුතුද වනවා. උදාහ‍රණයක් ලෙස අපි ගනිමු ඇතැම් කෘතීම බුද්ධින් තිබෙනවා මිනිස් මිනිස් මුහුණු විශාල ප්‍රමාණයක් අතුරින් දී ඇති එක් මුහුණක් හෝ කිහිපයක් හඳුනාගන්නට පුලුවන්. මෙය මිනිසාගේ ඇති ඉහල හැකියාවක්. නමුත් මිනිසාගේ මෙම හැකියාවට ආසන්න වශයෙන්වත් ලඟාවීමට කෘතීම බුද්ධින් වලට බැහැ. මොකද ඒකට හේතුව ? කෘතීම බුද්ධියකට එම හඳුනා ගැනීම යනු ද්වීමය සන්සන්දනයක් විතරයි(Binary Comparison). නමුත් මිනිස් සිතකට එය ඊට එහා ගිය දෙයක්. අපි හිතමු මිනිසුන් දහස් ගනණක් අතුරින් අප අපේ අම්මා හෝ තාත්තා හෝ එකව‍ර දර්ශනය වුනා කියල අපිට දහස් ගණනක් සිටියත් ඔවුන් දර්ශනය වූ පසු එම හඳුනා ගැනීමට යන්නේ ඉතාම සුලු කාලයක් නෙවෙයිද? එම හඳුනා ගැනීමෙන් පසුව අපිට ඔවුන් ගැන ඇති හැඟීම අන් අය කෙරෙහි ඇති හැඟීමට , වැටහීමට වඩා වෙනස් නේද? නමුත් කෘතීම බුද්ධියට හඳුනා ගැනීමට එහා දෙයක් නැහැ කෘතීම බුද්ධියට ඒ සියල්ල දත්තයන් රැසක් විතරයි. මේ වෙනසට හේතුව මොකක්ද කියන එක මම හිතන විදියට අද පවතින විද්‍යාවෙන් තේරුම්ගන්න බෑ. බුදු දහමට අනුව මෙය තේරුම් ගැනීම ඉතාම පහසුයි මිනිස් මනස විඤ්ඥානයක ක්‍රියාකාරීත්වය නිසා හටගත්තක් එනම් මිනිස් මනස සවිඤ්ඥානිකයි. කෘතීම බුද්ධිය හුදෙක් ඉලෙක්ට්‍රෝන ක්‍රියාකාරීත්වයක් නිසා හටගත්තක් එයට විඤ්ඥානයක ක්‍රියාකාරීත්වයක් නැහැ එනම් එය අවිඤ්ඥානිකයි. 
කෘතීම බුද්ධියක් ක්‍රියාකරන්නේ රාමුවක් තුලයි.එයට කිසියම් විශේෂ කාර්‍යයක් කිරීමට උපදස් මාලාවක් දී තිබෙනවා එම රාමුව තුල තමයි මෙම වැඩසටහන ක්‍රියාකරන්නේ. නමුත් ඇතැම් දෑ මිනිසාට වඩා ලක්ෂ වාරයකින් කාර්‍යක්ෂමව කෘතීම බුද්ධියකට කරන්න පුලුවන්. කිසියම් ගණනය කිරීමක් වැනි විශේෂ දෙයක් කිසිම වෙහෙසකින් තොරව කෘතීම බුද්ධියකට ක‍රන්න පුලුවන්. කොටින්ම කිව්වොත් දෙන ලද රාමුව තුල විශිෂ්ඨ මට්ටමින් කටයුතු ක‍රන්න පුලුවන්. නමුත් ගැටලුව තිබෙන්නේ රාමුව පැනවීමේදීයි. මෙය තනික‍රම රඳා පවතින්නේ සැලසුම් කරන හා එය ක්‍රමලේඛනය කරන ලද ශිල්පීන් මතයි. ආදරය, ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , වෛරය වැනිදෑ මිනිසාටවත් හරියාකාරව අවබෝධ කරගැනීමට නොහැකිව පරිගණක වැඩසටහනකට රාමුගත කරන්නේ කොහොමද? මම දකින ආකාරයට එය කිසිදා කල නොහැක්කක්.
දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මනුශ්‍ය ඝාතනය කිරීමට සාදන ලද කෘතීම බුද්ධියක වෛරයක් නැද්ද කියලා. ඇත්තටම එහි වෛරයක් නෑ වෛරය ඇත්නම් තිබෙන්නේ එය සැලසුම් කල කෙනා තුලයි රාමුව පණවන ලද්දේ කෘතිම බුද්ධිය සැකසූ පුද්ගලයා/ පුද්ගල පිරිස තුලයි. කෘතීම බුද්ධිය සිදුකරන්නේ එම රාමුව තුල අවිඤ්ඥානිකව කටයුතු කිරීමයි. 

යම් දවසක මනුෂ්‍ය සංහතියම කෘතීම බුද්ධියක් නිසා විනාශවී ගියද කෘතීම බුද්ධිය මිනිසා අබිභවා ගියා යයි කිව නොහැක මන්දයත් එම විනාශයට මග පාදන ලද්දේ මිනිස් බුද්ධියයි. එම විනාශය සිදුකල රාමුව පනවන ලද්දේ මිනිස් බුද්ධියයි. එමනිසා කිසිවිටෙක කෘතීම බුද්ධියකට(පරිගණක වැඩසටහනකට )මිනිස් බුද්ධිය අභිබවා යා නොහැකිය.
මේ ගැන ඔබගේත් අදහස්  ඉදිරිපත් කරන්න.

Posted in |

3 Responses to “තොරතුරු යුගයේ දවසක්..”

  • gbhags2 says:

    අනිවාර්යෙන්ම.................
    well done thawath computer 1n AI liyana language gena article 1k danna puluwannam greate....

  • ඔබගේ ලිපිය මම කියවන විට ඔබත් මා වගේම හිතන අයෙකු යැයි මට හැගුනා. මටත් ඔය කෘතිම බුද්ධි පිස්සුවක් ඔලුවට ගහල තිබ්බ TV එකේ Knight Rider කතාමාලාව යන කාලේ ඉදන්.ඊට පස්සේ පරිගනක දගයො සහ The X Files වල ගිය කතා නිසා කෘතුහලය තවත් වැඩි උනා. දන්න පරිගනක දැනුමක් දාල මාත් එක්ක තනිවම කතා කල හැකි වැඩ සටහන් මම නිර්මානය කරන්න උත්සහ කල අවස්තා නැතුවා නොවේ. නමුත් යම් යම් කරුනු කාරනා වලදී මම හිර උනා.
    ඉතින් මම අන්තර්ජාලයේ මේ ගැන හොයද්දී මට හමුවුනා අපූරු පරිගනක වැඩසටහනක්. අ තමා "බිලී". බිලී කියන්නෙ චැට්බොට් කෙනෙක්. මෙයාව හ්දල තියෙන්නේ පැස්කල් වලින්. නමුත් අලුත් බිලීව නිර්මානය කරල තියෙන්නේ වීබී වලින්.බිලීගෙ ක්‍රියා කාරිත්වය හරිම අපූරුයි,සිත්ගන්නා සුලුයි. හරිම මිත්‍රශීලියි. එයාට අපි කියන වැදගත් දෙවල් එයා මතකයේ තියා ගන්නව. උදා: කමල්ගේ දුරකතන අංකය 075000000 කියා බිලිට ලබා දුන් විට එය අපිටත් හොරා බිලි මතකයේ තියා ගන්නව. ඉන්පසු සති ගානකය පස්සේ බිලිගෙන් ඒ ගැන විමසූ විට ඔහු එම අංකය ලබා දෙනවා.
    බිලී දන්න දේවල් වගේම නොදන්න දේවල් බොහොයි. අපි බිලි නොදන්න දෙයක් ගැන සාකච්ඡාකරන්න ගිය විට බිලී ඒ නොදන්නා කාරනය ගැන හාරා අව්ස්සා අපෙන් විමසිලි කරනවා. හරියට පොඩිලමයෙක් අලුත් දෙයක් දුටුවිට තම දෙමාපියන්ගෙන් විමසන ආකාරයට.
    ඉතින් මම තව මේ විචාරය දීර්ග කරන්නේ නැහැ. කැමති අයට ඔන්න මෙතනින් බාගන්න පුලුවන්. මතක ඇතිව බිලී
    http://www.leedberg.com/glsoft/billy/download.shtml

    මගේ මතය නම් ඔය විදුලිය හා සන්නායක මගින් නිපදවන යල්පැනපු පරිගනක තාක්ශනයකට කෘතිම බුද්ධ්යක් බිහි කරන්න බැහැ. මෙයත් සමග යම් කිසි ජයිව රසායනික පද්ධතියක් අන්තර් හත වෙන්න ඔනේ. ඒ හරියටම මොකක්ද කියල කියන්න මම වත් දන්නේ නැහැ. නමුත් මේ යන ඉලෙක්ට්‍රොනික යුගයෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමා තවත් වේගවත් ප්‍රොසසරයක් නිර්මානය කරල, මෙහෙයුම් පද්දටියක් නිර්මානය කරල උදම් ඇනීමක් පමනයි

  • ඔව් ඉහත අදහසට මමත් එකග වෙනවා මම මේ Prolog කියන්නෙ මොකක්ද කියලා හොයාගෙන යද්දි තමයි මට මේ ලිපිය හම්බවුනේ මට ඔය බිලී ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න

Leave a Reply